News Political

වැඩබලන පොලිස්පති පත්වෙයි – තවත් පත්කිරීම් කිහිපයක්

නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. 

එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

අතිරේක විගණකාධිපති චූලන්ත වික‍්‍රමරත්න නව විගණකාධිපතිවරයා ලෙස පත්කරනු ලැබුවා.

එකී පත්වීම්වලට අමතරව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ද පත් කර තිබෙනවා.

අදාළ සියලු පත්වීම්ලාභීන් අද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ඊට අදාල පත්වීම් ලිපි ලබා ගත්තා. 

කෙසේවෙතත් පොලිස්පති පූජිත් ජයසුන්දර සිය ධුරයෙන් ඉවත් වූ බවට මේ දක්වා කිසිදු නිල දැනුම්දීමක් සිදු කර නැහැ.


(under the courtesy of nethnews.lk news web)

Related posts

සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..

Shiran Viraj

මහින්ද ඉවත් කලොත් ගෝටාභයත් ඉවත් කරනවා..- පොහොට්ටු පුංචි මන්ත‍්‍රීන් අරලිය මැදුරේදී…

Shiran Viraj

”මෙහෙම වැඩ කරන්න දෙන්න බෑ” – ජනපතිගෙන් අගමැතිට දෝස්මුරයක් !

Shiran Viraj

Leave a Comment