Local News News

කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණියක් අනුරාධපුරයෙන් හමුවේ

නව කොරෝනා වෛරසය ආසාධනය වූ බවට සැකකෙරෙන තරුණියක් අනුරාධපුරයෙන් වාර්තා වී තිබෙනවා. අවුරුදු 23ක් වයසැති මෙම තරුණිය අනුරාධපුරය, හිදෝගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපළේ සේවය කරනු ලබන සේවිකාවක් බවයි හෙළිවී ඇත්තේ.

නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග එම තරුණියව අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඇයව අංගොඩ පිහිටි IDH රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

තරඟාවලි පරාජයෙන් බේරීමට පාකිස්තානය අදිටනින්

Shiran Viraj

නුවරඑලියට දැඩි සුලගක්.. ගස් කඩා වැටී නිවාස කිහිපයකට හානි.. පිරිසක් රෝහලේ..

Shiran Viraj

පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

Shiran Viraj