International News News

චීනයේ මරණ සංඛ්‍යාව 426ක් වෙයි – ආසාධිතයින් 20625ක්

නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් චිනය තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 426 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පෙරේදා (02) දිනට සාපේක්ෂව එය පුද්ගල මරණ 66 ක වැඩිවීමක්. ඒ අනුව නව කොරෝනා වෛසරය ආසාධනය වීම නිසා පැය 24 ක් තුළ සිදුවූ වැඩිම පුද්ගලයින් මරණ සංඛ්‍යාව මෙයයි.

චීනය තුළ පමණක් මේ වනවිට නව කොරෝනා ආසාධිතයින් 20, 625 ක් වාර්තා වනවා.

මේ අතර අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥයින් පිරිසක් චීනයට පැමිණ තිබෙනවා. ඒ, චීනය තුළ පැතර පවතින නව කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා සිදුකරන මෙහෙයුම් සඳහා සහය ලබාදීමටයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥයින් මෙලෙස චීනයට ඇතුළුවී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.   

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලක්ෂ 30ක මෙරට උගත් ජනතාව වර්තමානයේ ජීවත් වෙන්නේ විදේශ රටවල

Shiran Viraj

අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්

Shiran Viraj

ග‍්‍රාමසේවකලා රුපියල් 5000 බෙදිල්ලෙන් ඉවත් කරලා.. රජය වෙනම කමිටුවක් දාලා අප හෑල්ලු කරලා..- ග‍්‍රාමසේවක සභාපති

Shiran Viraj

Leave a Comment