Entertainment Entertainment News News

අද අවසන් ගමන් යන ති.නා

දශක හතකට වැඩි ඉතිහාසයක් ඇති සිංහල සිනමාව අනාගතයට සංරක්ෂණය කිරීමේ භාරදූර මෙහෙවර ඉටුකළ අභාවප්‍රාප්ත තිස්ස නාගොඩවිතානයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

මේ වනවිට ඔහුගේ දේහය බොරැල්ලේ පිහිටි පුද්ගලික මල්ශාලාවක තැන්පත්කර තිබේ.

සිනමා රූපරාමු මත සටහන් වන “ති.නා.” අක්ෂර ද්විත්වය නොදුටු සිනමා රසිකයෙකු මෙරට නොමැති තරම්.

එසේ සටහන් වන්නේ සිංහල සිනමා පට අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කළ තිස්ස නාගොඩවිතාන යන නාමයයි.

1942 වසරේ ගාල්ලේ  වැකුනගොඩ දී උපත ලබන තිස්ස නාගොඩවිතාන මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිධාරියෙකු වන අතර වෘත්තිය ඇරඹුවේ ව්‍යාපාරිකයෙක් ලෙසයි.

ඔහු ගුරුවරයෙකු හා නගරසභා නිළධාරියෙකු ලෙසද සේවයේ නියැළුනත් රට තුළ ඔහු වඩාත් ප්‍රචලිත වන්නේ සිනමා කර්මාන්තයට පිවිසීමත් සමගින්.

මෙරට ඉමහත් ජනප්‍රියවූ මෙම චිත්‍රපට ගීතය මුලින්ම ගැයෙන්නේ තිස්ස නාගොඩවිතාන මහතාගේ හඬින්

නැට් – වාසනා ලොවක් ගෙනාව ගීතය.

කෝලම්කාරයෝ, කැකිල්ලේ රජ්ජුරුවෝ වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ ඔහු චිත්‍රපට රැසක් නිශ්පාදනයද කළා.

එසේ වුවත් තිස්ස නාගොඩවිතාන යන නාමය මෙරට සිනමා කර්මාන්තයේ අමරණීය වන්නේ චිත්‍රපට සංරක්ෂණය කිරීමේ දැවැත්ත කාර්යභාරයට එක්වීමත් සමගයි.

ඔහු අතින් සංරක්ෂණය වූ චිත්‍රපට ගණන 600 කටත් අධිකයි.

මිය යන විට ඒ මහතා පසුවූයේ 78 වැනි වියේ.

තිස්ස නාගොඩවිතාන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

අලුත් කැබිනෙට්ටුවත් දෙදරයි.. අගමැතිට ඉල්ලා අස්වන්නැයි ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ කියයි..

Shiran Viraj

මත්පැන් ඔන්ලයින් විකුණනැයි ගොඩක් අය මට කෝල් කරලා කිවුවා..- සුරා බදු කොමසාරිස්…

Shiran Viraj

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයි

Shiran Viraj

Leave a Comment