Local News News

ඇඳිරි නීති රෙගුලාසි කඩ කරමින් අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයි

ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස්දෙනෙක් සැකපිට ඊයේ (05) දින රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ වත්තේ පිරිසක් අනවසරෙන් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් කර සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගන්නා බවයි බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලංකාවේ කාලගුණයත් නපුරු වෙයි.

Shiran Viraj

සුසන්තිකා දිනූ ඔලිම්පික් පදක්කමට අදට වසර 20 යි

Shiran Viraj

ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..

Shiran Viraj

Leave a Comment