Local News News

එකම දිනයක් තුළ කොරෝනා ආසාදිතයින් 17ක් වාර්තා වු හැටි

ඊයේ(19) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙකු වාර්තා වී තිබේ.

යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට අදහස් දක්වමින් පවසා සිටියේ පසුගිය දා කොටහේන ප්‍රදේශයෙන් හඳුනා ගත් කාන්තාව සමඟ මෙම පුද්ගලයින් හඳුනා ගත් බවයි.

මෙම කාන්තාව ඉන්දියාවේ සිට පැමිණ ඇති අයෙක් බවට තහවුරු වී තිබුණු බවත් ඇය අප්‍රේල් 15 වන කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බවත් යුද හමුදාපතිවරයා පවසයි.

අප්‍රේල් 17 වන දින උදෑසන වන විට ඇයගේ සැමියාට හා පුතුන් දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වු බව තහවුරු වී ඇත.

මේ අතර ඊයේ දිනය වන විට ඇයගේ නිවසට යාබදව සිටි තවත් පුද්ගලයින් 6 දෙනෙක් ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවද යුද හමුදාපතිවරයා පැවසීය.

ඊයේ දිනය තුළ හමුවු රෝගීන් 17 දෙනාගෙන් 15 දෙනෙකුම ඇයගේ නිවසට යාබද නිවසේ සිටි 10 දෙනෙක් අය හා අසල්වැසියන් 5 දෙනෙක් ලෙස වාර්තා වි  තිබේ.

මෙම කාන්තාව ඇසුරු කළ තැනැත්තන්ගේ PCR පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බවත් පැවසු යුද හමුදාපතිවරයා, තවත් පුද්ගලයෙක් මෙම කාන්තාවගේ ස්වාමියා ළඟින් ඇසුරු කළ අයෙක් බවත් පැවසීය.

මෙම පුද්ගලයින් සැකය මත PCR පරීක්ෂණ සිදු කර සොයා ගත් අය බවද හමුදාපතිවරයා සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ලෝකය වෛරස් පාලනය කර ඇත්තේ ඇඟට විදින එන්නත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවෙයි..- JVP

Shiran Viraj

නපුරු වුණත් හොඳ ළමයෙක් මං පාවෙලා වලාකුළේ ඔබ හමුවට ආ

Shiran Viraj

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ආගමික කටයුතු අවශ්‍යමයි.. මල සිරුරෙන් කොරෝනා පැතිරෙන බව මිත්‍යාවක්..- හකීම් ආණ්ඩුවෙන් ඉල්ලයි..

Shiran Viraj

Leave a Comment