Local News News

කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය විය හැකි බවට අනාවරණය වෙයි

කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය විය හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ මහාචාර්යවරියක් පවසයි.

ඇය වැඩිදුරටත් පවසන්නේ නිසි මූල්‍ය ප්‍රතිපාදන ලැබුනහොත්, මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට එන්නතක් නිපදවීමේ හැකියාව පවතින බවයි.

නව කොරෝනාවෛරසයෙන් වැළඳෙන කෝවිඩ් 19 රෝගය එක්වරකට වඩා ආසාදනය විය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ (Vaccinology) මහාචාර්ය සේරා ගිල්බට් (Professor Sarah Gilbert) පවසයි.

රෝගය වැළදීමෙන් ශරීරය තුළ ඇතිවන ප්‍රතිශක්තියට වඩා වැඩි කාලයක් එන්නතක් මඟන් ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වනු ඇති බව ද මහාචාර්යවරිය සඳහන් කළේය.

කෝවිඩ් 19 රෝගයට එන්නතක් සොයාගැනීම වෙනුවෙන් පර්යේෂණ පවත්වන කණ්ඩායමක ප්‍රධානියා වන මහාචාර්යවරිය මේ බව කියා සිටියේ බීබීසී රූපවාහිනියේ වැඩසටහනක් සමඟ අදහස් දක්වමින්.

කෝවිඩ් 19 රෝගය එක් වරක් වැළඳීම මගින් රෝගයට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වන බවට තවමත් පැහැදිලි සාක්ෂි නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරියක් ද පවසා තිබුණි.

නව කොරෝනාවෛරසයට එන්නතක් නිපදවීම සඳහා ලොව පුරා රටවල් ගණනාවක විශේෂඥයින් පරීක්ෂණ පවත්වමින් සිටින අතර මහාචාර්ය සේරා ගිල්බට් පවසන්නේ දැනට පවතින තත්ත්වය යටතේ, නිසි මූල්‍ය ප්‍රතිපාදන ලැබුනහොත්, මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට එන්නතක් නිපදවීමේ හැකියාව පවතින බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය ඉතාම වාසියි.. ටොන් එකකට වැඩිපුර ඩොලර් 100ක් ගෙවනවා.. ගුණාත්මකභාවය බලන්නෙත් නෑ..- මියන්මාරය

Shiran Viraj

එන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..

Shiran Viraj

ලෝක කුසලානය අස්සේ ක්‍රිකට් නිලධාරීන්ගේ කාලය අවුරුදු අටකින් දිගු කරන්න ගැසට්ටුවක්…

Shiran Viraj

Leave a Comment