Local News News

මධ්‍යස්ථාන 12ක් තුළ පුද්ගලයින් 1311ක් නිරෝධායනයට

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ පුද්ගලයින් 1311 දෙනෙකු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි.

ගතවු කාලය තුළ නිරෝධායනයට යොමු කළ පුද්ගලයින් 3459 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.

මේ අතර පුත්තලම, අල්කාසිම් සිටි සහ පාලවිය ප්‍රදේශවල පුද්ගලයින් 65 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

පසුගියදා හදුනාගැනුණු අල්කාසිම් නගරයේ නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි වෛරස ආසාදිතයෙකු සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට හදුනාගත් අදාල පිරිස ඊයේ රාත්‍රී නිරෝධායනය සදහා යොමු කර ඇති බව වාර්තා වෙයි.

එම ප්‍රදේශයෙන් හදුනාගත් ආසාදිතයා ඉන්දුනීසියාවේ සංචාරය කර මෙරටට පැමිණි අයෙකු වන අතර ඔහු සෞඛ්‍ය අංශ වෙත තොරතුරු වසන් කර මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකට ද සහභාගී වී ඇති බවට අනාවරණය වී තිබේ.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අරන් එනවා – දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල

Shiran Viraj

ෆොන්සේකාට මුළු පොලිසියම විරුද්ද වේ..ත‍්‍රිවිද හමුදාවම බෑ කියයි..නීතිය හා සාමය ඇමතිකම ෆොන්සේකාට කිසිසේතම නොදේ

Shiran Viraj

මෙරට මුහුදු සීමාවට පැමිණ සිටින සීල් මත්ස්‍යයාගේ හැසිරීමෙන් තොරතුරු රැසක් රැස්කරමින් සිටී

Shiran Viraj

Leave a Comment