Local News News

මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට අද සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි

මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට මුහුණු ආවරණ පැළඳීම අද(11) සිට අනිවාර්ය කර තිබේ.

ඇඳිරි නීති බලපත්‍ර අතැතිව ගමන් ගන්නා පුද්ගලයින්ට ද මෙය අද සිට මෙය බලාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත.

මේ වන මහමාර්ගවල ආරක්ෂාව සඳහා යොදවා ඇති ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ වන විට රාජකාරී කටයුතුවල නියැලි සිටි පොලිස් නිලධාරීන් 100 කට අධික ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ඩොලර් නෑ.. ගවයන්ද බඩගින්නේ.. කිරි නිෂ්පාදනයද පහල බසී…

Shiran Viraj

ණය ගෙවන්න අරඹුවාම ඩොලරය 370 පනිනවා..

Shiran Viraj

කොළඹ යලිත් කොරෝනා අවදානමක.. ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට ලක් කරයි..

Shiran Viraj

Leave a Comment