Local News News

මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි නිරෝධායනය වු පිරිසක් නිවෙස්වලට

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරෙහි නිරෝධායනයට ලක්වූ පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.

විදෙස් රටවල සිට පැමිණ මුලතිව් ගුවන් හමුදා කඳවුර තුළ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදීසිටි 203 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස නිරෝධායන කාලසීමාව අවසන් කිරිමෙන් පසු සිය නිවෙස් වෙත පිටත් කර හැරිමට පියවර ගත් බවයි ගුවන් හමුදා මූලස්ථානය පැවසුවේ.

පසුගිය මාර්තු මස 22 වනදා සිට මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිට ඇත.

ඔවුන් නිවෙස් වෙත පිටත් කර හැරිම සඳහා ප්‍රවාහන පහසුකම්සැලසීමට ද පියවර ගත් බවයි ගුවන් හමුදා මූලස්ථානය පැවසුවේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

සර්ව පාක්‍ෂික ආණ්ඩු වැඩක් නෑ.. අරගලකරුන් ජීවිත පුදා හෝ අරගලය ජයගත යුතුයි…- ෆොන්සේකා

Shiran Viraj

‘‘කාන්තාර පලගැටියන්’’ ද ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක්

Shiran Viraj

පරීක්‍ෂණ නොකර පිටකල බහාළුම් 373 නීති විරෝධි දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම බාර ගන්නවා..- නි. ඇමති

Shiran Viraj