Local News News

රිමාන්ඩ් කල රන්ජන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීගමුව පල්ලන්සේන ප‍්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

පෙරේදා දිනයේ කොළඹ මැගසින් බන්ධනාගාරයට රැගෙන එ්මෙන් පසු මීගමුවේ නිරෝධයන මධ්‍යස්ථානට හිටපු මන්ත‍්‍රීවරයා යොමු කර තිබේ.

කොරෝනා වෛරසය බන්ධානාගාර තුළට පැතිරීම වැළැක්වීම සඳහා සහ බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා මේ දිනවල රක්ෂිත බන්ධනාගාර ගත වන ඇතැම් පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරයි.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි එල්ල වූ චෝදනාව මත අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අධිකරණය විසින් 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දියණිය කුකුල් කූඩුවකට දැමු මව අල්ලයි

Shiran Viraj

ඩිංගි බෝට්ටුවක තිබී කේරළ ගංජා කිලෝ 133 ක් නාවික හමුදා බාරයට

Shiran Viraj

බැඳුම්කර වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇති පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ලු

Shiran Viraj