International News News

රුසියාවත් ලංකාව වගේ වෙයි.. කොරෝනා පාලනයට පුටින් හමුදාව කැදවයි..

රුසියාව තුළ ද කොරෝනා ව්‍යාප්තිය වේගයෙන් ඉහළ යාම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව යෙදවීමට අවශ්‍ය වුවහොත් කටයුතු කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳහන් කරයි.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හැකි සෑම අයුරකින්ම හමුදාව යෙදවිය යුතු බවද ජනාධිපතිවරයා පවසයි.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් එරට ඇමතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

රුසියාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයන් ප්‍රමාණය වූ 2558 සදුදා දිනයේ දී වාර්තා විය.

මේ වන විට කොරෝනා ආසාදිතයන් 21,000 ඉක්මවා රුසියාවෙන් වාර්තාවන අතර 170 මියගොස් ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට එජාපය පොරකති.. ජෝන් මන්ත‍්‍රීකමට එන බව කියයි.. අස්වෙන්න බෑ කියයි..

Shiran Viraj

කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්

Shiran Viraj

පැය 10-15 විදුලි කප්පාදුවක්..

Shiran Viraj

Leave a Comment