Local News News

හඳුනා ගත් භාණ්ඩ කීපයක් ආනයනය කිරීම අත්හිටුවයි

දිවයින තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිර යාමත් සමඟ විනිමය අනුපාතිකයට හා මූල්‍ය වෙළෙඳපොලට එල්ල වී ඇති පීඩනය අවම කිරීම සඳහා හඳුනා ගත් භාණ්ඩ සඳහා ආනයනය සීමා කිරීමට රජය තීරණය කර තිබේ.

ආනයනය සීමා කරන භාණ්ඩවලට අදාළව ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එම භාණ්ඩ ලැයිස්තුවද එම නිවේදනයේ ඇතුළත්.

ඒ අනුව බාස්මතී සහල් හැර අනෙකුත් සහල් රටකජු වැනි කෘෂි නිෂ්පාදන ද ඇතුළත්ව දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ රැසක්ද ප්ලාස්ටික් භාණ්ඩ සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසකද ආනයනය අත්හිටුවා තිබේ.

ඊට අමතරව ගොඩනැඟිලි ඉදිකිරීම් ද්‍රව්‍ය, විදුලි හා විද්‍යුත් උපාංග, තිරිඟු පිටි වැනි හඳුනාගත් ද්‍රව්‍ය ණය පදනම මත පමණක් එනම්, මාස 03ක කාලයකින් පසුව ගෙවීම් කිරීමේ පදනම මත පමණක් ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවද එම නිවේදනයේ සඳහන් වෙයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..

Shiran Viraj

කොවිඩ් වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නංවාලීමට HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි

Shiran Viraj

මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Shiran Viraj

Leave a Comment