Local News News

හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..

හෙටට යෙදී තිබෙන බක් පුර පසළොස්වක පොහොය දිනයේ දී පන්සල් වලට එක් රැස් නොවන ලෙස අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන් සියළු බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව හෙට දිනයේ නිවෙස් තුළට වී ආගමික වතාවත් සිදු කරන්නැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කරති.

කොරෝනා අවදානම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටිති.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උපරිමය අනුගමනය කරමින් වසංගතය මැඩලීම සඳහා සහයෝගය ලබාදීම ඉතා වැදගත් බවද උන්වහන්සේ කියා සිටිති.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.. ජනාධිපති ෆේල්..- ඩිලාන්

Shiran Viraj

කාබන් විමෝචනයෙන් විදේශ ණය ගෙවන හැටි චම්පික කියයි…

Shiran Viraj

සියළු විශ්ව විද්‍යාල අද සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරේ

Shiran Viraj

Leave a Comment