International News News

චීනයට යලි කොරෝනා ඔරවයි : වුහාන් ක්‍රමයට නගර දෙකක් “ලොක්ඩවුන්” කරයි

නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ නවතම රැල්ලක් ඇතිවේ යැයි ඇතිවූ සැකයක් මත මිලියන 100ක ජනගහණයකින් යුත් චීනයේ ප්‍රාන්තයක නගර දෙකක් සම්පුර්ණයෙන්ම වසා දැමීමට තීරණය කොට තිබෙනවා. ඊසාන දිග චීනයේ පිහිටි ජිලින් පළාතේ රෝහල් දෙකක් කොරෝනා ආසාදිත රෝගීන් බවට සැක කෙරෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරිම සඳහා වෙන් කිරිමට බලධාරින් පියවර ගෙන ඇත්තේ.

ජිලින් ප්‍රාන්තයේ පිහිටි නගර දෙකක් කේන්ද්‍ර කරගෙන කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අතර සෙසු නගරවලට බලපෑමක් එල්ල වීම නතර කිරීමේ අරමුණින් අදාළ නගර දෙක වුහාන් නගරය මෙන් නිරෝධායනයට යටත් කිරිමට පියවර ගෙන ඇත.

මේ අතර වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ වුහාන් නගරයෙන් ද නව ආසාදිතයෙක් වාර්තා වී තිබෙනවා. මේ අනුව එහි දැනට සක්‍රීය ලෙස වාර්තා වන රෝගීන් ගණන 07ක් වනවා.

මේ වන විට නිරෝධායනයට ලක් කොට ඇති නගර දෙකේ ජනතාව කොරෝනා වෛරස පරීක්ෂණයට භාජනය කරන අයුරු චීන මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබෙනවා.

ලක්ෂ 07 ක ජනතාවක් වෙසෙන ෂුලාන් නගරයේ බලධාරින් සිය පුරවැසියන්ට නියෝග කරමින් සඳහන් කර ඇත්තේ නිරෝධායන නීති උල්ලංඝණය කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මේ වන විට ජිලාන් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිත රෝගීන් 39 දෙනෙක් වාර්තා වී ඇති අතර පළමු රෝගියා බවට හඳුනා ගෙන ඇති ඇඳුම් පිරිසිදු කරන්නා හට එම වෛරසය ආසාදනය වූ අයුරු මේ දක්වා හෙළිකර ගැනීමට බලධාරින් අපොහොසත්ව ඇත. ෂුලාන් නගරයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 12ක්.

ප්‍රාන්තයේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් චීන මධ්‍යම රජය විසින් ෂුලාන් නගරයේ බලධාරියෙක් සහ ජිලාන් ප්‍රාන්ත බලධාරින් 05 දෙනෙකු ගේ තනතුරු අහිමි කිරීමට කටයුතු කර ඇත බව එරට මාධ්‍ය නිවේදනය කර සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අගමැතිගේ ගිණුමකින් මුදල් සොරකමක් සිදුව නෑ…- නාමල්

Shiran Viraj

ලංකාවට පනින්න ඉන්දීය කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රාමේෂ්වරම් වෙරලේ.. ලංකාව දැඩි අවදානමක..- බුද්ධි අංශ සීරුවෙන්..

Shiran Viraj

කොවිඩ් නිසා මියයන මුස්ලිම්වරුන් භූමදානය ගැන ගැටළුව කැබිනට් මණ්ඩලයට ගෙන ගියේ තමන් බව ඇමති අලි සබි‍්‍ර කියයි

Shiran Viraj

Leave a Comment