News Political

මේ ආණ්ඩුව රටට හොඳක් කලේම නෑ.. කොරෝනාවෙන් නොමැරී මැරුණ මිනිසුන්ට බඩට ගැහුවා..

වත්මන් ආණ්ඩුව බලයට ආපසු රටට හොඳක් සිදු වුනේම නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්‍ෂක කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

අද වන විට මෙරට ආර්ථිකය හතර ගාතෙන් වැටී ඇති බවත් මහා භාණ්ඩාගාරය හිස් වී ඇති බවත් ඔහු පවසයි.

කොරෝනා වැලදී නොමැරී මැරුණ මිනිසුන්ට ආණ්ඩුව විසින් බඩට ගසමින් වතුර බිල් ලයිට් බිල් දුරකථන බිල් ආදී සියල්ල ඉහළ දමා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මේ ආණ්ඩුවට ඊළඟ මැතිවරණයෙන් තුනෙන් දෙකක් දුනහොත් ජනතාවගේ කපන්න දෙයක් ඉතුරු කරන එකක් නැතැයි ද ඔහු කියා සිටියේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ දොඩන්ගොඩ ප්‍රදේශයේ දී පැවති සාකච්ඡාවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සාමාන්‍ය පෙළ විභාගය නියම කර ඇති දින‌ට පැවැත්වීම ගැටලුවක් : අධ්‍යාපන ඇමති

Shiran Viraj

අනුර ඡන්ද කෝටියෙන් නවතින්නෑ.. කෝටි දෙක දක්වා යනවා..

Shiran Viraj

මා පලදින්නේ හොදම වර්ගයේ Mask එකක්.. කොරෝනා හැදුනේ ඩ‍්‍රයිවර්ගෙන් වෙන්න ඇති..- බන්දුල

Shiran Viraj