News Political

ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නා කියා හරියන්නෑ.. ජනාධිපති පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69 ජනතාවක් ඡන්දය දුන්නා කියා ව්‍යවස්ථාව කඩන්නට කිසිම අයිතියක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව මාස තුනකට වඩා රැස් නොවී සිටිය නොහැකි වූ නිසා වහාම ඒ සඳහා අදාල ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් ගත හැකි බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයෙක් කටයුතු කළහැකි මාසයක් පමණක් බවත් පාර්ලිමේන්තුව නොමැතිව මාස තුනක් පමණක් බවත් ව්‍යවස්ථාවේ පැහැදිලිව ඇතැයිද ඔහු කියා සිටියේය.

සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා දිගින් දිගටම කියා සිටින්නේ පැවති පාර්ලිමේන්තු කැඳවිය යුතු බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

චම්පිකගෙන් නව බලවේගයක්.. පිරිසක්ද එක්වෙයි.. 113 ආ පසු නව ආණ්ඩුවක්..

Shiran Viraj

‘මහින්ද සුළඟ’ නුගේගොඩ රැලිය ඇමරිකාවේ සිට බැසිල් කල වැඩක්.. සෙනග ගෙන්වූයේද ඔහුයි… විමල් කලේ කතාවක් පැවැත්වීම විතරයි..- මහින්ද පතිරණ

Shiran Viraj

ටික්ටොක් සහ වී චැට් නිසා අමෙරිකානු ජනපති සහ අධිකරණය අතර ගැටුමක්

Shiran Viraj

Leave a Comment