Local News News

ඇමරිකා තානාපති නිලධාරියාට කොරෝනා බෝකර එවුවාදැයි සැක..

කටුනායක ගුවන්තොටුපොළේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වූ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියාට ඇමරිකාව විසින් කොරෝනා බෝ කර ශ්‍රී ලංකාවට එයි දැයි සැක සහිත බව හිටපු ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පාලනය කරගෙන ඇති කොරෝනා වසංගතය යළි බෝකිරීම සඳහා ඇමෙරිකාව විසින් අදාළ තානාපති නිලධාරියාට කොරෝනා බෝ කර ලංකාවට එවුවේදැයි දැයි තමන් සැක කරන බවද ඔහු පැවසීය.

තමන් එසේ චෝදනා කරන්නේ තමන් ඒ ගැන එතරම් සැක කරන නිසා යයිද ඔහු පවසයි.

ඇමරිකානු වර්තමාන පාලනය අති දක්ෂිණාංශික පාලනයක් බවත් ඔවුන් දැන් සිටින්නේ යුද වියරුවකින් බවත් ඔහු සඳහන් කරයි.

වියානා සම්මුතිය අනුව රාජතාන්ත්‍රික නිලධාරීන්ට වරප්‍රසාද ඇතත් ශිෂ්ට සම්පන්න රටවල් ඒවා ට මුවා වී වෙනත් රටවල නීති උල්ලංඝනය නොකරන බවද ඔහු පැවසුවේ කොළඹදී මාධ්‍ය අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලක්‍ෂ 39ක මාසික කුලියකට ගොඩනැගිල්ලක තට්ටු දෙකක් අමාත්‍යංශයකට…

Shiran Viraj

නව එක්දින නායකයාගේ නම කියන්න ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැඳවයි

Shiran Viraj

ඩොලර් මිලියන 500ක ණයක් දකුණු කොරියාවෙන්

Shiran Viraj

Leave a Comment