International News News

ඉන්දියාව කොරෝනා ලයිස්තුවේ හතර වෙනි ස්ථානයට

සල්වැසි ඉන්දියාව නව්‍ය කොරෝනා වෛරසය පැතිර පවතින රටවල් ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ, ඉන්දියාවෙන් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 03 ට ආසන්න වෙමින් ඇති පසුබිමක් තුළයි.

ඒ අනුව මේවනවිට ඉන්දියාවෙන් නව්‍ය කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ 98, 283 දෙනෙකු වාර්තා වන්නේ කොරෝනා මරණ 8,501 ක්ද සමගයි.

ගතවූ පැය 24 තුලදී පමණක් ඉන්දියාවෙන් නව්‍ය කොරෝනා ආසාදිතයින් 11,128 ක් හඳුනාගෙන තිබුණා. ඊයේ දිනයේදී ඉන්දියාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 394 ක්.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට මුහුණ පා සිටින දකුණු ආසියානු රටවල් අතර පෙරමුණේ පසුවන්නේ ද ඉන්දියාවයි. ඒ අනුව දකුණු ආසියානු රටවලින් වාර්තා වන සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද මේවනවිට පන් ලක්ෂය ඉක්මවා තිබෙනවා. දකුණු ආසියානු රටවලින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව ද 12,000 කට අධිකයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 4 දක්වා දිගටම ඇඳිරි නීතිය

Shiran Viraj

සුපිරි ජීප් හොරෙන් ගෙන්වූ තිදෙනෙක් අල්ලයි..

Shiran Viraj

හරීන් ඇතුළු ඇමතිලා හතරක් ඉල්ලා අස්වෙයි..? SJB 10ක් ආණ්ඩුවට…?

Shiran Viraj