News Political

මා හමුදා සෙබළුන් ඝාතනය කල බව සත්‍යයි.. නමුත් මාව අත්අඩංගුවට ගන්න බෑ.. මං දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලේ..- කරුණා

තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු ලෙස සිටියදී හමුදා සෙබළුන් ඝාතනය කළ බව සෑම පුද්ගලයකුම දන්නා කරුණක් බැවින් දැන් තමන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බව ද්‍රවිඩ මහ සභා පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තරග කරන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පවසයි.

කොරෝනාවට වඩා තමන් භයානක බවත්, එක දිනකදී හමුදාවේ 2000ක් පමණ මරා දැමූ බවට ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදී විනයාගමූර්ති මුරලිදරන් මේ බව ප්‍රකාශ කළේය.

තමන් කළ ප්‍රකාශයට සම්බන්ධයෙන් එම ස්ථාවරයේම සිටින බව ඔහු අවධාරණය කර සිටියේය.

තමන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළද එම පක්ෂවලද පෙර වැරදි ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

තමන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක්ව සිටින බවද විනායාගමූර්ති ​ මුරලිදරන් ප්‍රකාශ කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නඩු ඉක්මන් කරන්නැයි, ඉල්ලා රැඳවියෝ වැලිකඩ වහලට නගිති

Shiran Viraj

මත්තල ගුවන් තොටුපළට සංචාරකයන්ට එන සහන පැකේජ…

Shiran Viraj

නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්.. එහ මුළුමනින්ම වරාය අධිකාරිය යටතේ පැවතිය යුතුයි..- වරාය රාජ්‍ය ඇමති

Shiran Viraj