Local News News

වසර පනස් දහසකට පෙර මෙරට ආදි මානවයා ඇදුම් නිර්මාණය කරගත් අයුරුත් හෙළි වෙයි

ශී‍්‍ර ලංකාවෙන් හමු වූ ආදි මානවයින් පිළිබද පැරණිතම සාක්‍ෂි හේතුවෙන් ලෝක ඉතිහාසයද වෙනස් වී ඇති බව පුරාවිද්‍යා පර්යේෂකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අපි‍්‍රකාවෙන් පිටතදී ආදි මානවයාගේ කි‍්‍රයාකාරිත්වය පිළිබද මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණ වී නොතිබූ බවයි.

එහෙත් අප‍්‍රිකාවෙන් පිටතදී ආදී මානවයා දුනු-ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය ශී‍්‍ර ලංකාවෙන් හමුවීමත් සමග එම තත්ත්වය වෙනස් වූ බවයි පුරාවිද්‍යාඥයින්ගේ මතය වන්නේ. පාහියංගල ලෙන ආශි‍්‍රතව සිදුකළ පුරාවිද්‍යා ගවේෂණයකින් අනාවරණය වුණේ් වසර 48,000කට පෙර ශ‍්‍රී ලංකාවේ ආදි මානවයා සත්ත්ව අස්ථි කොටස් භාවිත කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බවයි.

ජාත්‍යන්තර මාධ්‍ය රැසක් ද ඊයේ (13) මේ පිළිබද තොරතුරු වාර්තා කර තිබුණේ ජාත්‍යන්තර සහ මෙරට පර්යේෂකයින් කණ්ඩායමක් විසින් සිදුකළ පර්යේෂණයේ ප‍්‍රතිඵලද සදහන් කරමින්. ඒ අනුව ශී‍්‍ර ලංකාවෙන් හමුවූ සාක්‍ෂි ඉතිහාසයට කෙතරම් වැදගත් වේ දැයි මෙම පරීක්‍ෂණයේ මූලිකත්වය ගෙන කටයුතු කළ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබද කථිකාචාර්ය ඔෂාන් වෙදගේ, ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ නූතන මානවයාගේ අප්‍රිකාවෙන් නික්මයෑම ලොව දැඩි විවාදාත්මක කරුණක් වී ඇති පසුබිමක් තුළ මෙම නව සොයා ගැනීම හමු වූ බවයි.

ශී‍්‍ර ලංකාවේ ජීවත් වූ ආදි මානවයා වසර 50,000 කට ඉහතදී ඇදුම් නිර්මාණය කර ගෙන ඇති බවට මෙහිදී තොරතුරු අනාවරණ වූ බවයි ඔහු කියාසිටියේ. ඒ සදහා ආදි මානවයා භාවිත කළ තාක්‍ෂණයද සුවිශේෂි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

“මේ අය නිවර්තන වැසි වනාන්තරවලට යනකොට මැසි මදුරුවන්ගේ කරදරයෙන් බේරෙන්න මේ ඇඳුම් නිර්මාණය කරගන්න ඇති කියලා විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මේ අය ඇඳුම් නිර්මාණය කරගන්න අවශ්‍ය කරන උපකරණ සත්තුන්ගෙ ඇටකටුවලින් නිපදවා තිබෙනවා.”

මෙරට වෙරළබඩ කලාපයේ  ජීවත් වූ ආදි මානවයින් හා තෙත් කලාපයේ ජීවත් වූ ආදි මානවයින් අතර පැවති සහසබදතා පිළිබද තොරතුරුද මෙම ගවේෂණයේදී හෙළි වූ බවයි ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබද කථිකාචාර්ය ඔෂාන් වෙදගේ, පැවසුවේ.

මීට වසර 20 000කට පෙර යුරෝපයේ දුනු හා ඊතල තාක්ෂණය පිළිබද සාක්ෂි අභිබවා යාමක් ලෙස මෙම සොයා ගැනීම සැලකෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ. ශී‍්‍ර ලංකාවෙන් හමුවූ අස්ථි මීට වසර 32,000ක අතීතයක් හිමි අග්නිදිග ආසියාවේ අස්ථි කොටස් වලට වඩා අතීතයකට උරුමකම් කියන බවයි මෙම පර්යේෂණයට එක් වූ ඕස්ටේ‍්‍රලියාවේ පුරාවිද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිෂෙල් ලැන්ග්ලි ප‍්‍රකාශ කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

Shiran Viraj

‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්

Shiran Viraj

මට පාර්ලිමේන්තු මන්ත්‍රීකම ආපසු ඕනෑ…- නගරාධිපති වෙන්න අස්වූ මුජිබුර්

Shiran Viraj

Leave a Comment