News Political

සිරකරුවන් ඝාතනය කිරීමේ රැල්ලක්..- හිරුණිකා කියයි.. රාජිත ඇතුලේ වැඩ.. හිරුණිකා එලියේ වැඩ…

සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රාජිත ඇතුලේ හිරුනිකා එළියේ වැඩ

2012 වසරේ බන්ධනාගාර අපරාධ වැළැක්වීම සදහා එවකට අරක්ෂක ලේකම්වරයා විසින් යම් සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල අතර අවසානයේ සමස්ථ ක්‍රියාවලියම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියන හොරිකඩයන් විසින් මුදලට ජිනීවා වැලට විකුණා දැමීමට ක්‍රියා කරන ලදී. හෝ රයිට් නමැති සින්හල කොටි සංවිධානයකට සම්බන්ධ පිරිසක් එය පසු පස සිටින ලදී . එම සිද්දිය බන්ධනාගාරය තුල සිදුවූ කැරැල්ලක් බවට ජාත්‍යන්තරයට වාර්තා සිංහල කොටි පසුපස සිටිමින් සියල්ල මෙහෙයවන ලද්දේ දොස්තර රාජිත සේනාරත්න සහ ඔහුගේ හොදම ගෝලයකු වන පානදුරේ ලාල් විසිනි .

පහුගිය කාලය පුරාවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටු නමින් අටවාගත් මරාල හරහා රාජිත සියලු කටයුතු පිටුපස සිට මෙහෙයවූ අතර වැලිකඩ සිද්දියේ ඇසින් දුටු ශාක්ෂිකරුවෙක් ලෙස හදුන්වාගත් සෙනරත් බන්දුල ලියනාරච්චි නැමැත්තා 2017 දෙසැම්බර් මාසයේදී ස්වීට් ශේලීන් ශාමිලා සමග බන්ධනාගාරය තුල සිදුවූ විවාහයටද රාජිත සේනාරත්න එවකට බන්ධනාගාර ඇමති ඩී එම් ස්වාමිනාධාන් හරහා සහයෝගය දක්වන ලදී .

බන්ධනාගාර නිලධාරින් ජේලර්වරුන් පමණක් නොව තමන් කපුකම කල මනාල යුවලට අවශ්‍ය සියලු පහසුකම් සැලසු රාජිත පසුව ප්‍රහාරයට අදාලව කමිටු කිහිපයක්ම සකසමින් ප්‍රහාරය පිටුපස සිටින්නේ ගොටාභය බව ඔප්පු කිරීමට නොගත් වෙහෙසක් නැති තරම්ය .

පහල උසාවියේ විභාග වූ නඩු කටයුතු ඉහල උසාවියට අධිකරණ ක්‍රියාවලියට පිටින් නිතිපති දෙපාර්තුමෙන්තුවේ සහයෙන් ඉදිරියට ගෙනගිය රාජිත බන්දුල ලියනාරච්චි හරහා පහල ඉහල උසාවි නොමග යවන ශාක්ෂිද අඩුවකින් තොරව ගොතන ලදී (අදාළ නඩු ගොනුව පරීක්ෂාවෙන් පරස්පර ශාක්ෂි මගින් අධිකරණය නොමග යවා ඇති ආකාරය සොයාගත හැක) බන්දුල ලියනාරච්චිට ගොටාභයට එරෙහිව බොරු ශාක්ෂි ගෙතීම සදහා අනුරාධපුර බන්ධනාගාරයේ සිරමැදිරියක රදවා තබන ලද අතර ඒ සදහා විශේෂ දුරකථන පහසුකම්ද සපයා තිබිණි පසුගිය දෙසැම්බර් මාසයට ආසන්න දිනයකදී බන්දුල ලග තිබී දුරකථන කිහිපයක් අත්අඩංගුවට ගත්තද ඒ සියල්ල බන්ධනාගාර දෙපාර්තුමේන්තුව විසින් යට ගසන ලදී.

අද වනවිට තාවකාලිකව රාජිත පල්ලන්සේනට වී විවේකිව සිටින අතර ඊයේ දිනයේදී ජනාදිපතිවරයා විසින් බන්ධනාගාර නිලධාරින්ට හා ආරක්ෂක අංශ වෙත රතු නිවේදන නිකුත් කරන ලදී. නිවේදනය වෙලේන්නටත් කලින් රාජිතගේ අඩුව පුරවමින් නැවතත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය අද දිනයේ මාද්‍ය හමුවක් කැදවමින් පසුගිය වැලිකඩ බන්ධනාගාර සිද්දිය විශේෂ කර දක්වමින් ප්‍රකාශයක් නිකුත් කර සිටින ලදී. ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ජාත්‍යන්තරයට නිවේදනය කිරීමේ මෙවර කොන්ත්‍රාත්තුව හිරුනිකා භාරගෙන ඇත .පසුගියදා අනුරාධපුර බන්ධනාගාරය තුල සිදුවූ සිද්දියද රජයේ බන්ධනාගාර ඝාතන ලැයිස්තුවට එක්කිරීමට ඇය අමතක නොකලාය .මහර හිරගෙය තුල සිදුවූ කාවින්ද ඉසුරුගේ මරණය ඝාතනයක් බවට නම් කලාය . මෙය ඝාතන රැලක් බවට ඇය නම් කාලය .

කිසිදු පිළිගත හැකි ශාක්ෂියකින් තොරව සිංහල කොටි වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන හිරුනිකාල මට්ටු කිරීමට මෙරට බලධාරීන් අපොහොසත්ව ඇති මොහොතක , හිරුනිකා පවසන ඝාතන රැල්ලට අදාළ මුලාශ්‍ර තොරතුරු සියල්ල සිංහල කොටි සංවිධානයකින් ලබාගෙන තිබීම සුවිශේෂී කරුණකි .

හිරුනිකා රාජිත මග යමින් නැවතත් සමාජ ව්‍යයසනයක්ව ඇති කුඩු ජාවාරම් කාරයන්, පාතාල සාමාජිකයන්, මන් පහරන්නන්, කප්පම් කරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක පිහිටා තිබීම පිලිබදව මෙරට චන්ද දායකයන් විසින් තීරණයක් ගතයුතු කරුණක් උවත් සිංහල කොටි පිළිබද ඇති චෝදනා පිලිබදව රජය තීරණයක් ගත යුතුය . හෝ රයිට් වැනි සංවිධාන මෙරට සිට මෙහෙයවන පුද්ගලයන් සම්බන්ධයෙන් රජය තීරණයක් ගන්නේ කවදාද ?

ප්‍රදීප් සංජිව
සිංහලේ සංවිධානය
ජාතික සංවිධායක
(under the courtesy of lankacnews.com news web)

Related posts

සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

Shiran Viraj

චීන තෙල් ආ සැණින් QR අහෝසියි…

Shiran Viraj

හැමෝම ජනාධිපති සමග එක්වන්න.. ඔහු වසරකින් රට බේරාගත්තා..

Shiran Viraj

Leave a Comment