Local News News

කිලිනොච්චියේ බෝම්බ හමුවෙයි.. ත්‍රස්තවාදය නැවත ඇතිවීමේ අවදානමක්.. උතුරේ ආරක්‍ෂාව තර කරයි…

කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීයව නිශ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

ත්‍රස්තවාදය නැවත ඇතිකිරීමේ උත්සහයක නිරත වීමේ අවධානමක් වශයෙන් කිලිනොච්චියේ හිටපු එල්.ටී.ඊ. සාමාජිකයෙකු විසින් දේශීය බෝම්බ නිශ්පාදනය කිරීමට යාමේදී පුපුරායාමත් සමග ආරක්ෂක අංශ වල දැඩි අවධානය යොමු වී ඇත.

මේ අනුව සැකකටුයුතු ප්‍රදේශයන් හදීසි සෝදිසි පරික්ෂා කිරීම් හා ප්‍රධාන මාර්ගයන්හි වාහන ඇතුලු පුද්ගලයින් පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

මෙලෙසින් වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේද යුද හමුදාව විසින් හදීසි සෝදිසි මුරපොළක් ක්‍රියාත්මක කොට සැකකටයුතු වාහන හා පුද්ගලයින් පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේදී දේශීය නිශ්පාදිත බෝම්බයක් නිශ්පානය කිරීමට ගත් උත්සහයකදී එය පුපුරායාමෙන් බරපතල තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා අද (08) අලුයම් කාලයේදී මිය ගොස් ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

බෝම්බ පිපිරීමෙන් බරපතලව තුවාල ලබා සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකිරීමෙන් පසුව අනුරාධපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇත.

ඉයක්කච්චි ප්‍රදේශයේ අදාල බෝම්බ පිපිරීමෙන් පසුව පොලීස් නිලධාරීන් හා ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි වලදී නිවසේ තිබී දේශීය නිශ්පාදිත බෝම්බ දෙකක් හා අඩක් නිශ්පාදනය කරන ලද බෝම්බයක් මෙන්ම කලු කොටි දිනය සමරමු යන පෝස්ටරයක්ද හමු වීමෙන් පසුව තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ බිරිඳද අත්අඩංගුවට ගනු ලැබුවාය.

කෙසේ වෙතත් මේ වන විට අදාල බෝම්බ නිශ්පාදනය කිරීමට හේතු කවරේද යන්න පිළිබඳව මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම් හා වැඩිදුර පරික්ෂණ කටයුතු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සදු කරනු ලබයි.

බෝම්බ පිපරීමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ ඉයක්කච්චි ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තංගරාසා ගංගේ ආත්මන් නැමති අයෙක් බවට පරික්ෂණ සිදු කරන පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

මන්නාරමේ සහ යාපනයේ පිහිටි කිතුණු දේවස්ථානයන්හි සැකකටයුතු අයුරින් සැරිසැරූ පුද්ගලයෙකු ඊයේ (06) දින යාපනයේදී අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

අදාල සැකකරු පළමුව මීට දින කිහිපයක පෙර මන්නාරම පේසාලෙයි වෙට්ට්‍රිමාතා දේවස්ථානයට පැමිණ සැකකටයුතු ස්ථාන කිහිපයක සැරිසරා ඇති බවට දේවස්ථානයේ සී.සී.ටී.වී දර්ශන වලින් නිරීක්ෂණය වී ඇති අතර පසුව ආරක්ෂකයින් විසින් එම පුද්ගලයා සෙවීමේදී අතුරුදහන්ව ඇත.

අනතුරුව ඊයේ දින යාපනය ශාන්ත අන්තෝනි දේවස්ථාන භූමියේද සැකකටයුතු අයුරින් සැරිසැරීම පිළිබඳව බැතිමතුනට සැක පහල වී අදාල පුද්ගලයා පිළිබඳව යාපනය පොලීසියට දැනුම් දීමෙන් පසුව යාපනය පොලීසිය අදාල ස්ථානයට පැමිණ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී මන්නාරම පේසාලේ දේවස්ථානයේදී සැරිසැරූ පුද්ගලයාම බවට තහවුරු කොට ගෙන ඇත.

කෙසේ වෙතත් අදාල සැකකරු කිතුනු දේවස්ථානයන්හි සැකකටයුතු අයුරින් සැරිසැරීම පිළිබඳව මේ වන විට පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා.

Shiran Viraj

විශාල බලයක් දුන්නත් ආණ්ඩුව අසමත් – කරු ජයසුරිය

Shiran Viraj

අපි රට හදාගෙන එද්දී මිනිස්සුන්ට විරුවෙක් ගේන්න උවමනා වුනා..

Shiran Viraj

Leave a Comment