Local News News

මාලදිවයිනේ රැඳී සිටි ශී‍්‍ර ලාංකිකයින් 178 දෙනෙකු දිවයිනට

නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳි සිටි ශී‍්‍ර ලාංකිකයින් 178 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබෙනවා.

එලෙස දිවයිනට පැමිණ ඇත්තේ මාලදිවයිනට අයත්  දූපත්වල සංචාරක හෝටල් කීපයක සේවය කරමින් සිටි ශ‍්‍රී ලාංකිකයන් පිරිසක්. මාලේ නුවර සිට ඔවුන් රැගත් විශේෂ ගුවන් යානය අද පස්වරු 01.30 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ළගා වූ බවයි ගුවන් තොටුපළ වාර්තාකරු ස`දහන් කළේ.

මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි එම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

මේ අතර, අද සිට කි‍්‍රයාත්මක වන පිරිදි විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලික නතර කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්දියාවේ බුද්ධි වාර්තාවකින් ජනපති අනුර…?

Shiran Viraj

අද සිට මාස 03ක් පොලිසියෙන් මෙහෙයුමක්

Shiran Viraj

කොරෝනා අවදානම මැද පිලිපීනයට 03වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක්

Shiran Viraj