News Political

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් මෙන්ම රාජ්‍ය ආයතනවල දේපළ භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට අද කැඳවා තිබෙනවා.

ඒ, එළඹෙන මහ මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. අද පෙරවරු 11 ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එළඹෙන මහ මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් වී තිබෙනවා. එවැනි කි‍්‍රයා වැළැක්වීමට කටයුතු කිරීම මෙන්ම තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අද කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි

Shiran Viraj

කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..

Shiran Viraj

ලිත්‍රො ගෑස් 100% ආසන්න දැවැන්ත මිල වැඩි කිරීමක.. සිලින්ඩරය 5175යි…

Shiran Viraj