Local News News

පොඩි ලැසීගේ ප්‍රධානම ගෝලයෙක් අල්ලයි

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික පොඩි ලැසීගේ ප්‍රධානතම ගෝලයෙකු වන කුඩු රංග, අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය අද (28) පෙරවරුවේ සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී ආයුධ රැසක්ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ.

ඒ අනුව ටී 56 ගිනි අවියක්, ටී කටස් වර්ගයේ ගිනි අවි දෙකක්, අත්මාංචු යුගලයක්, ගෑස් බෝම්බ දෙකක් සහ තවත් උපකරණ කිහිපයක් මෙහිදී සොයාගෙන තිබෙනවා.

සැකකරු මත්ද්‍රව්‍ය බෙදාහැරීම සහ ඝාතන ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මාලිමා මන්ත‍්‍රී අභාවප‍්‍රාප්ත වේ..

Shiran Viraj

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් දෙදෙනෙකුට ඩෙංගු

Shiran Viraj

අප්‍රේල් 15 රජයේ නිවාඩු…?

Shiran Viraj