Business Business News News

බැසිල් ෆොන්ටේරා සමාගමට සහතික දෙයි

ආර්ථික පුනර්ජනය හා දාරිද්‍රවය තුරන් කිරීම පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ දැක්ම හා අරමුණුවලට සමගාමීව, අගය එකතු කළ කිරි නිෂ්පාදන අපනයන ක්‍රියාවලිය වේගවත් කිරීමට ෆෙන්ටේරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම කටයුතු කරමින් සිටින බව ආර්ථික පුනර්ජනය හා දාරිද්‍රවය තුරන් කිරීම පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ,

ෆෙන්ටේරා සමාගම ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දක්වන දායකත්වය මට පෙනෙනවා. ඒ වගේම ඔවුන් අගය එකතු කළ කිරි නිෂ්පාදන අපනයනය වේගවත් කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, ඉදිරියේදී එම උත්සාහය තව තවත් පුළුල් කිරීමට සැළසුම් කර ඇති බවත් දැනගැනීමට ලැබීම සතුටක් බවත්ය.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම දේශීය කිරිගොවියා බහුජාතික සමාගම් වලින් ආරක්ෂ කළ යුතු බව පවසන මෙරට විද්වතුන්ගේ සහ සමාජයේ දෝෂදර්ශනයට ලක්වූ ආයතනයක් බවට ෆෙන්ටේරා ආයතනය පත්වී තිබුණු තත්වයක් යටතේ ආර්ථික පුනර්ජනය හා දාරිද්‍රවය තුරන් කිරීම පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයාගේ මෙම ප්‍රකාශයන් ඔවුන් කෙසේ බාරගනු ඇත්ද?

lanka lead news

Related posts

මැතිවරණ දිනය කිසිවෙකුට අභියෝග කරනු බෑ.. නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී..

Shiran Viraj

වැඩ වර්ජනවල අරමුණ ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරවීමයි… එය දේශපාලන අරමුණක්..

Shiran Viraj

මැතිවරණය 20 තියන්න බෑ.. සෞඛ්‍ය නිර්දේශඅත්‍යවශ්‍යයි..- මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..

Shiran Viraj

Leave a Comment