Local News News

අටලුගම වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පිරිසක් පහර දෙයි

බණ්ඩාරගම, අටලූ‍ගම, මාරාව ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ප‍්‍රදේශයේ නිවසක ගංජා ජාවාරම් සිදු කරන බවට පොලීසියට තොරතුරු ලැබී තිබු අතර ඒ අනුවයි පොලිස් නිලධාරීන් එම නිවස වැටලීමට ගොස් තිබුණේ.

එහිදී එම නිවසේ සිටි කාන්තාවන් 04 දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු කලහකාරී ලෙස හැසිරෙමින් රාජකාරීයට බාධා එල්ලකළ බවයි පොලීසිය පැවසුවේ.

මෙම පහරදිමෙන් උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, කාන්තා පොලිස් සැරයන්වරියක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ද තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

නියඟයෙන් අක්කර 65,000ක්, ගංවතුරෙන් අක්කර 11,000ක් විනාශයි..

Shiran Viraj

අයවැය කියන්නේ බඩු මිල අඩු කරන දෙයක් නොවේ..- ඇමති

Shiran Viraj

ජනාධිපති වියදම් හොදටම අඩු කරලා.. ජනාධිපති කාර්යාලයේ ප්ලේන්ටී විතරයි.. කිරි තේ බිවුවොත් සල්ලි ගන්නවා..

Shiran Viraj