Local News News

කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කෙරේ

කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුරන්දර, ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දක්වා ඇත්තේ මෙම ව්‍යාපෘතිය අධික පිරිවැයක් දැරීමට සිදුවන ව්‍යාපෘතියක් බවයි.

කොළඹ නාගරික බලප‍්‍රදේශයේ ප‍්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට දරණ පිරිවැය සඳහා එය යෝග්‍ය නොවන බවයි එහි දැක්වෙන්නේ.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය අත්හිටුවා ඊට අදාළ ව්‍යාපෘති කාර්යාලය ද හැකි ඉක්මනින් වසා දමන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබාදුන් බව අදාළ ලිපියේ සඳහන්.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය මෙන්ම මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට සුදුසු වෙනත් ව්‍යාපෘතියක් ඉදිරිපත් කරන ලෙසට ද ජනාධිපති ලේකම්වරයා ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට දන්වා තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොමිසමට දේශපාලකයෝ ඇගිලි ගහනවා.. ස්වාධීනකම නැතිකරන්නයි හදන්නේ..- PUCSL සභාපති…

Shiran Viraj

එන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..

Shiran Viraj

තැපෑල පුද්ගලීකරණයට.. ඔන්ලයින් ඩිලිවරි වලට මුල් තැන…

Shiran Viraj