Local News News

ජාතික ආරක්‍ෂාවට හොස්ස පොවන එන්ජී ඕ පාලනයට පනතක්

මෙරට ජාතික ආරක්‍ෂාවට සහ දේශපාලන කටයුතුවලට සෘජුව මැදහත්වී ඇති රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර ඇත. නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා රජය ආචාර්ය සුසන්ත ගුණතිලක මහතා පත්් කර තිබේ. වසරකට රුපියල් බිලියන 36 ක් වැනි අති විශාල මුදලක් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන නමුත් එම මුදල් සපයන විදේශ රටවල් පවා හෙළි වී නැත.

ශී‍්‍ර ලංකාවේ දෙස් විදේශ රාජ්‍ය නොවන සංවිධාන 1600 කට අධික සංඛ්‍යාවක් කි‍්‍රයාත්මකයි. මේ රාජ්‍ය නොවන සංවිධාන අතරින් ඇතැම් සංවිධාන දේශපාලන පක්‍ෂවලට සම්බන්ධයි. එම සංවිධාන ආණ්ඩු පෙරළීමට පවා කි‍්‍රයා කර තිබුණා යැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

ඉන්දියාව විසින් සම්මත කර ඇති රාජ්‍ය නොවන සංවිධාන පනතට සමානව මෙම නව පනත ද කෙටුම්පත් වේ.

මේ පනත මාස දෙකක් තුළ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

laka lead news

Related posts

හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….

Shiran Viraj

ඉන්දියානු සාගර සමුළුව අද ඇරඹෙයි

Shiran Viraj

යලිත් ඉන්ධන හිගයක්.. දීර්ඝ පෝලිම් රට පුරා..

Shiran Viraj

Leave a Comment