International News News

ටික්ටොක් සහ වී චැට් නිසා අමෙරිකානු ජනපති සහ අධිකරණය අතර ගැටුමක්

චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට ට‍්‍රම්ප් පරිපාලනය ගෙන ඇති තීරණයට අමෙරිකානු අධිකරණයත් සිය විරෝධය පළ කර තිබෙනවා.

අමෙරිකානු මහේස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරු ලෝරල් බිලර් පවසා ඇත්තේ මෙම තහනම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතු කරන බවයි.

නිදහසේ අදහස් පළ කිරීමට එමගින් බාධාවක් සිදුවන බවයි විනිසුරුවරයා අවධාරණය කර ඇත්තේ.

කෙසේවෙතත් ට‍්‍රම්ප් පරිපාලනය පවසන්නේ වී චැට් සමාජ මාධ්‍ය යෙදුම එරට වේලාවෙන් ඉරිදා මධ්‍යම රාති‍්‍රයේ සිට තහනම් කරන බවයි.

එම තහනමත් සමග අමෙරිකානුවන් හට ටික් ටොක් හා වී චැට් යෙදුම් බාගත කිරීමට හෙවත් ඩවුන්ලෝ්ඞ් කිරීම නොහැකි වන අතර ඒවා හරහා පණිවිඩ යැවීම සහ වීඩියෝ බෙදාගැනීමට ද නොහැකි වනවා. ටික් ටොක් තහනම කි‍්‍රයාත්මක වන්නේ එළඹෙන නොවැම්බර් 12 වැනිදා සිටයි.

ට‍්‍රම්ප් පරිපාලනය පවසන්නේ ටික් ටොක් සහ වී චැට්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. කෙසේවෙතත් මෙම සියලූ චෝදනා චීනය තරයේ ප‍්‍රතික්ෂේප කරනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පුත්තලම පොලීසිය අපරාධ වලට තිත තබයි.

Shiran Viraj

කොරෝනා රෝගීන් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයත් සුදානම්

Shiran Viraj

ඩුබායිවල අනතුරට ලක්ව මෙරටට පැමිණි පුද්ගලයාව රෝහලෙන් එලවා දැමූ වෛද්‍යවරයාගේ සිද්ධිය ගැන සොයයි

Shiran Viraj

Leave a Comment