Local News News

නැව ගෙනියන්න දෙන්නේ ඇ.ඩොලර් කෝටි 17ක් දුන්නොත්: මංගල ගමන පැමිණි කපිතාන්ට නොතිසි

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් ගිලියාස්ට මෙම 28 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ (17 වැනිදා) නොතිසි නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ පැවැසීය.

‘මෙම නෞකාවෙන් කාන්දු වූ ඛනිජ තෙල් මීටර් දෙකක ඝනකමකින් සහ මීටර් 400ක පළලකින් යුත් තට්ටුවක් අදාළ ප්‍රදේශයේ දක්නට තිබෙනවා. මෙම තෙල් කාන්දුව හේතුවෙන් නැව ගිනි ගැනීම​ට ලක් වූ ප්‍රදේශයේ සිට මුහුදු සැතපුම් දෙකක්. එනම් කිලෝමීටර් 6.5ත් දක්වා ප්‍රදේශයක සාගර ජලය දූෂණයට ලක්වී ඇති බව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වෙනවා.

නීතිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි නැවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එම ප්‍රකාශයට අනුව කපිතාන්වරයා 1984 වසරේදී නාවික ක්ෂේත්‍රයට එක්ව තිබෙනවා. කපිතාන්වරයෙක් වශයෙන් වසර 10ක අත්දැකීම් තිබෙනවා 2020 වසරේදී නිව් ඩයමන්ඩ් නෞකාව හිමි සමාගමේ කපිතාන්වරයකු ලෙස බැඳී තිබෙන බවත් අනාවරණය වුණා. මෙම නෞකාව කුවේට්හි සිට ඉන්දියාව බලා තෙල් තොග ප්‍රවාහනය කරමින් සිටින අතරතුරදී ගිනි ගැනීමට ලක් වූ අතර තමා එම නැව හිමි සමාගමට එක්වීමෙන් පසුව යෙදුණු මංගල ගමන මෙය බවත් කපිතාන්වරයා සඳහන් කර තිබෙනවා.

මෙතෙක් කරන ලද පරීක්ෂණ අනුව නෞකාවේ ගින්න මැඬ පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම කපිතාන්වරයා පැහැර හැර ඇති බවත්, අදාළ ගින්න පිළිබඳව වගකිව යුතු ආයතන දැනුවත් කිරීමට ඔහු කටයුතු කර නොමැති බවත් පෙනී යනවා. එම නිසා කපිතාන්වරයාගේ මෙම ක්‍රියා කලාපය තුළින් බැලූ බැල්මට අපරාධමය වරදක් උද්ගත වෙනවා.

මෙම නෞකාව දැනට පවතින ස්ථානයෙන් ඉවත් කරන්නේ නම් ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක බැඳුම්කරයක් තැන්පත් කර එම නෞකාව ඉවත් කර ගන්නා ලෙස අදාළ සමාගමට දන්වා තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ දැනට නිරෝධායනය වෙමින් සිටින කපිතාන්වරයාගේ නිරෝධායනය කාල සීමාව ලබන 24 වැනිදා අවසන් වෙනවා. ඊට පසු දිනයක ඔහු අධිකරණයට කැඳවන ලෙස ඉල්ලා සිටිනවා.

lanka lead news

Related posts

අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද පාර්ලිමෙන්තුවේදි සිදුවන විශේෂ දේ මෙන්න..!

Shiran Viraj

ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට..? අසභ්‍ය හඬපට මතක නෑලු..

Shiran Viraj

මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…

Shiran Viraj

Leave a Comment