Local NewsNews

විරෝධාතා නොතකයි… මිලින්ද ඉන්දියානු මහකොමසාරිස් ලෙස පත්වෙයි

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ලෙස නම් කළ නිලධාරීන් 08 දෙනෙකු එම ධුර සඳහා පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ සිය අනුමැතිය ලබා දුන්නේ ය.

ඒ අනුව ,

සී. ඒ චන්ද්‍රප්‍රේම මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයා ලෙස,

මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස,

රවිනාථ ආරියසිංහ මහතා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස,

එස්.අමරසේකර මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස,

විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිස්චන්ද්‍ර සිල්වා මහතා ඇෆ්ගනිස්තාන ජන රජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස,

විශ්‍රාමාල් සංජිව් ගුණසේකර මහතා ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස,

මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස,

ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත්, පත් කිරීමට අපාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභා අනුමැතිය ලබා දී තිබේ.

මිලින්ද මොරගොඩ මහතාගේ පත්කිරීමට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන සහ ජනතා නියෝජිතයන් රැසක් අදහස් දක්වා ඇති අතර එහෙත් එම පත්කිරීම මේ වන විට සිදුව ඇත.

Related posts

බැඳුම්කර වාර්තාව ගැන නිදහස් සන්ධානය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

Malar FM

බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්

Malar FM

පාස්කු බෝම්බ චෝදනාවට ගෝටාගෙන් ප‍්‍රකාශයක්..

Malar FM