News Political

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි  වාර්තා වෙයි.

රජයේ ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉන් ප්‍රධානම සංශෝධනයක් වන්නේ දැනට ඉදිරිපත් කර ඇති 20 වැනි සංශෝධනයට අඩංගු නොවන 7 වැනි උප ලේඛනයේ දිවුරුම (රටේ ඒකීයභාවය පිළිගන්නා) නැවත ඇතුළත් කිරීමයි. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව 3ක් ලෙසත් එහි මෙතෙක් සඳහන් නොවූ ඝණපූරණය සාමාජිකයන් දෙකක් ලෙසත් නව වගන්තියක් ඇතුළත් කෙරෙයි. තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමටද නව සංශෝධනයක් එක් කෙරේ.

මෙම සංශෝධන මාලාවට එක් කෙරෙන සිව්වැනි සංශෝධනය වන්නේ මැතිසබය තෝරාපත් කරගත් පසු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන කාලය නිශ්චය කෙරෙන සංශෝධනයයි. දැනට ප්‍රකාශිත ව්‍යවස්ථා කෙටුම්පතෙහි සඳහන් වන්නේ මැතිසබය තෝරා පත්කර වසරකට පසු ජනාධිපතිට එය විසුරුවා හැරිය හැකිය කියාය. එය යහපාලන රජය 19 වැනි සංශෝධනය ගෙන ඒමට පෙර ක්‍රියාත්මක වූ විධිවිධානයමය. එහෙත් එම කාලසීමාව වසරක් නොව වසර 2 1/2 ½ක් විය යුතු යැයි රජයේම ප්‍රබල පාර්ශ්ව ගණනාවක් සඳහන් කර ඇති බැවින් එම කරුණ සිව්වැනි සංශෝධනය ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.

සෙසු වගන්ති සංශෝධනය කිරීමක් ගැන මෙතෙක් සාකච්ඡා වී නොමැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයටත් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමටත් ප්‍රකාශ කර තිබුණේ පසුගිය ජනාධිතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් තමන් ජනතාවට පොරොන්දු වූ ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුලින්ම අහෝසි කළ යුතු බවය. ඒ සඳහා රජයට ජනතාව මැතිසබයේ 2/3ක ජනවරමක් ලබාදී ඇති බැවින් තමන්ගේ එකම අරමුණ එම ජනතා අභිලාෂය ඉටුකිරීම බවත් ජනපතිවරයා පවසා ඇත. එයට රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමත්, අමාත්‍ය මණ්ඩලයත් ඒකමතිකව අනුමැතිය ලබාදුන් බව  එම ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

lanka lead news

Related posts

තිලංගගේ ක්‍රිකට් පාවාදීමේ චෝදනා වලට අර්ජුන සහ අරවින්ද උත්තර දෙයි.

Shiran Viraj

ජනාධිපති මිරිහාන නිවසේ සිටීම අවට පදිංචිකරුවන්ට කරදරයක්…

Shiran Viraj

ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙක් රන් මාල කොල්ලයකට අත්අඩංගුවට..

Shiran Viraj

Leave a Comment