Local News News

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් කර ඇති කී සෙන් හොන්ග්  ඊයේ සවස 6.30 ට චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.231 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

ඔහු නීරෝධායන සහතිකය රැගෙන පැමිණ තිබූ අතර , තානාපති කාර්යාලය තුළ තවදුරටත් ස්වයං නීරෝධායනයේ නිරත වීමට ද නියමිතය.

ඔහු පිළිගැනීමට සහ රැගෙන යෑමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

Related posts

මගේ ජීවිතයේ මඟ පෙන්වන්නෝ හරිම අඩුයි ජනප්‍රිය සම්මානීය නිළි දිල්හානී අශෝකමාලා

Shiran Viraj

රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට ඇමතිවරුත් සම්බන්ධයි…

Shiran Viraj

පළාත් සභාවලට එරෙහි සරත් වීරසේකර ඉන්දීය මහ කොමසාරිස් මුණගැසෙයි

Shiran Viraj