News Political

20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ..- සරත් වීරසේකර

දැනට ඉදිරිපත් කරති විසිවන ආණ්ුක‍්‍රම සංශෝධන පනත් කෙටුම්පත මගින් මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට නොතිබූ අංශුමාත්‍රයක බලයක් හෝ වත්මන් ජනාධිපතිවරයාට නොලැබෙන බව පළාත් සභා සහ පලාත් පාලන රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

මෙම සංශෝධනයෙන් සිදුවන්නේ 19 සංශෝධනය මගින් දියාරු කර ඇති බලතල යළිත් ජනාධිපතිවට ලබා ගැනීම පමණක් යැයිද ඔහු පෙන්වා දෙයි.

එනිසා විරෝධතා නවතා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය වන ලෙස ආගමික නායකයින් ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

කොළඹ වියත්මග කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පලකලේය.

කෙසේ නමුත් විසිවන සංශෝධනය ඉදිරිපත් කළ ආකාරයේ වරදක් ඇති බව තමන් පිළිගන්නා බවද ඔහු මෙමගින් සිදු වන්නේ 19 සංශෝධනය අහෝසි කිරීමක් බව ජනතාවට මීට පෙර අවබෝධ කර දිය යුතුව තිබූ බව ද පැවසීය.

ස්වාමීන් වහන්සේලා සහ අනෙකුත් දේශප්‍රේමීන් සංවිධාන වල මතය නිවැරදි බවත් මීට පෙර මෙය පැහැදිලි කළා මෙය සිදු වන්නේ නැති බවත් ඔහු පැවසීය.

විවිධ සංවිධාන විසින් ඉදිරිපත් කරන ඉල්ලීම්වල තේරුමක් නැති බවත් ඔහු තවදුරටත් එහිදී සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආණ්ඩුවේ ප්‍රධානතම ගැටළු ගැන ගෝඨා කියයි

Shiran Viraj

මීටර් 100 සහය දිවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ සාග් පිටියේ ජය කෙහෙළි නංවති

Shiran Viraj

පිල්ලෙයාන්ට විරුද්ද එකම සාක්‍ෂියත් ප‍්‍රතික්‍ෂෙප කලා.. දැන් සාක්‍ෂි නෑ.. තවත් හිරේ තියන් ඉන්න බෑ..- අධිකරණ ඇමති

Shiran Viraj

Leave a Comment