Local News News

කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් තත්ත්වයක

කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුදත් සමරවීර මහතා,

“අපි මේ මොහොත වන විට යම්කිසි මට්ටමකට පාලනය කර තිබුණත් කොළඹ මහනගර සභා සීමාව, එතනින් ඔබ්බට ගිහින් බස්නාහිර පළාතත් යම්කිසි විදියකින් තවතමත් අධික අවදානම් තත්ත්වයක පවතිනවා. සමාජය තුළින් රෝගීන් වාර්තා වෙනවා වගේම, විවිධ ආයතන තුළින් රෝගීන් වාර්තා වීම යම්කිසි ආකාරයකින් මේ පාලනය සඳහා වැඩි අවදානයක් යොමුකිරීමට සිදුවන ස්ථාන වෙනවා. “

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, වෛරසය වෙනත් දිස්ත්‍රික්ක වෙත පැතිරීම කොළඹ දිස්ත්‍රික්කයෙන් අවසන් කරගතයුතු බවය.

“මෙය වෙනත් දිස්ත්‍රික්කයකට යන්න නොදී අපට පුළුවන් වෙනවා නම් මේ රැල්ල කොළඹින්ම අවසන් කර ගන්න, රට යම්කිසි හොඳ තත්ත්වකට ගේන්න පුළුවන්.“

මේ අතර ඊයේ දිනයේදී හඳුනාගත් කොවිඩ් රෝගීන් අතරින් වැඩිම ආසාදිතයන් වාර්තාවී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 231 කි.

කොටහේන ප්‍රදේශයෙන් 48 ක්,  බොරැල්ලෙන් 46ක්, ග්‍රෑන්ඩ්පාස් 42ක්, දෙමටගොඩින් 31ක්, පිටකොටුවෙන් 21ක්, කොම්පඤ්ඤවීදියෙන් 19 ක් ඒ අතරට අයත් වේ.

එමෙන්ම බ්ලූමැන්ඩල් , මෝදරින් , වැල්ලම්පිටිය , බොරලැස්ගව, කුරුඳුවත්ත, ගොතටුව, ගල්කිස්ස, පිලියන්දල, වැලිකඩ, සහ වෙරළබඩ යන ප්‍රදේශවලින් ද ඊයේ දිනයේදී ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 42 කි.

කළුතරින් 20 ක්, කුරුණෑගලින් 11ක්, ගාල්ලෙන් 02ක්, රත්නපුරයෙන්, කෑගල්ලෙන්, මොණරාගලින්,  යාපනයෙන් හා නුවරඑළියෙන් එක් ආසාදිතයෙකු බැගින් ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයන් අතරට අයත්ය.

එමෙන්ම පොලිස් නිලධාරීන් 08 ක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 05 ක්, බන්ධනාගාර ආශ්‍රිත ආසාදිතයන් 42 ක් , විදේශයන් හී සිට පැමිණි හා විවිධ ප්‍රදේශවලින් හඳුනාගත් 16 දෙනෙකු ද ඊයේ හඳුනා ගැණුනු ආසාදිතයන් අතර වේ.

කෙසේවෙතත් ඊයේ දිස්ත්‍රික්ක 15 කින් කිසිඳු ආසාදිතයෙකු හඳුනා නොගැනීම විශේෂත්වයකි.

එමෙන්ම තවත් බන්ධනගාර ආශ්‍රිත පුද්ගලයන් 68 දෙනෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

ඒ සමග වාර්තාවන බන්ධනාගාර සමස්ථ ආසාදිතයන් ගණන 506 ක් වන අතර ඉන් 494 ක් බන්ධනාගාර රැඳවියන් වේ.

බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවසුවේ සෙසු 12 දෙනා බන්ධනාගාර නිලධාරීන් බවය.

Ada Derana News

Related posts

මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්

Shiran Viraj

ගෑස් මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj

මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයි

Shiran Viraj

Leave a Comment