Local News News

නව ආසාදිතයින් 164ක්

අද (02) දිනය තුළ කොවිඩ් නයින්ටීන් නව ආසාදිතයින් 164 දෙනෙක් වාර්තා වී තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, එම ආසාදිතයින්ගෙන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති බවය.

අනෙක් කොවිඩ් ආසාදිතයින් 121 දෙනා මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 11,224 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද උදෑසන ආසාදිතයින් 344ක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5249ක් විය.

adaderana

Related posts

බෙල්ලන්විල හිමිගේ පරීක්ෂණය ගැටලුවක්

Shiran Viraj

ජනතාවට ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – පළාත් දෙකකට අධික වැසි

Shiran Viraj

ජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු අපද්‍රවය කිලෝ දාහතර දහසක්(පැය 8 කට) ගොඩදැමිය හැකි යන්ත්‍රයක්…

Shiran Viraj