Business Business News News

භෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්

භෝග වර්ග හයකට සියයට පනහක බීජ සහන ලබා දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව බඩඉරි`ගු, අල, මිරිස්, රතු ලූනු, රට ලූනු සහ උ`දු ස`දහා මෙසේ ගොවීන්ට සහනයක් ලබාදෙන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

රජය සතු ඉඩම් අක්කර ලක්ෂ 02 ක් ප‍්‍රයෝජනයට නොගෙන අත්හැර දමා ඇති බවත්, එම ඉඩම් භෝග 16 ප‍්‍රවර්ධන වැඩසටහනට යොදාගැනීමට හැකිද යන්න සොයා බලන ලෙසත් අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

වන සතුන්ගෙන් අස්වැන්නට සිදුවන හානිය නිසා ගොවි ජනතාවට විශාල ගැටලූ ඇතිවී ඇති අතර ‘විදුලි පඹයා’ වැනි නවීන තාක්ෂණය ගොවිබිමට ගලායන ලෙස ප‍්‍රායෝගික වැඩසටහන් අවශ්‍ය බවද පෙන්වා දී ඇත.

සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම යාන්ත‍්‍රික අංශයක් ස්ථාපිත කොට ගොවි කටයුතු පහසු කිරීමට පියවර ගෙන ඇති බව පැවසූ අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා, බැකෝ යන්ත‍්‍ර, ට‍්‍රැක්ටර් සහ ගොයම් කැපීමේ යන්ත‍්‍ර ආදී කෘෂි උපකරණ එම යාන්ත‍්‍රික අංශයට ලබාදී උපකරණ භාවිතය පිළිබඳ ප‍්‍රායෝගික පුහුණුවක්ද ගොවීන්ට ලබාදෙන ලෙස කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

lankaleadnews

Related posts

හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා…

Shiran Viraj

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කලාට පළිබෝධනාශක රෙජිස්ටාර් ධුරයෙන් නෙරපයි.. රජයේ ප්‍රතිපත්තියට විරුද්දයිලු..

Shiran Viraj

අමාත්‍යාංශ කාර්යාල 32කට STF යවයි

Shiran Viraj

Leave a Comment