Local News News

ස්වයං නිරෝධානයේ සිටි එක්දරු මවක් මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..

ස්වයං නිරෝධානයට යොමු කර සිටි එක්දරු මවක් (29) දින පස්වරුවේ ජිවිතක්ෂයට පත් වි ඇති බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක පි.කාමදේවන් මහතා පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් හැටන් ඩන්බාර් වත්තේ පදිංචි පි.අංජලෙයි නැමති (79) හැවිරිදි එක්දරු මවකි.

මිය ගිය එක්දරු මවගේ මිණිබිරියි බම්බලපිටිය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඉකුත් (17) දින හැටන් මිත්තනියගේ නිවසට පැමිණිමෙන් පසු හැටන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා විසින් මිණිබිරිය ඇතුළු තවත් පවුලේ 8 දෙනෙක් ස්වයං නිරෝධානයට යොමු කර තිබුණි.

ජිවිතක්ෂයට පත් එක්දරු මවගේ මරණ පරික්ෂණය හැටන් හදිසි මරණ පරික්ෂක ඒ.ජේ.එම්.ෆසිර් මොහොමඩ් මහතා විසින් පැවැත්වු අතර , එහිදි හදිසි මරණ පරික්ෂකවරයා හැටන් පොලිසියට නියෝග කරනු ලැබුවේ මියගිය එක්දරු මවගේ පි.සි.ආර් පරික්ෂණයක් සිදු කර සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කරන ලෙසයි.

අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ජිවිතක්ෂයට පත් එක්දරු මවගේ සහ ස්වයං නිරෝධානයට යොමු කර සිටි එකම පවුලේ 8 දෙනෙකුගේ පි.සි.ආර් පරික්ෂණයක්ද සිදු කරනු ලැබුහ.

lankacnews

Related posts

Covid19 එන්නත් රැගෙන යා හැකි අධිශීතකරණ නිපදවීම ඉන්දියාව අරඹයි

Shiran Viraj

ෂාෆ්ටර්ගේ බිරිදගේ හා මිතුරාගේ සාක්‍ෂි පරස්පරතා රැසක්.. ඝාතනයේ හෙළි නොවූ රහස්…

Shiran Viraj

ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..

Shiran Viraj