Local News News

අර්ජුන් මහේන්ද්‍රන් ලකාවට පිටුවහල් කිරීමට සිංගප්පූරුව සැරසේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිමිදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ  හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීමට උදර්පණ නීතිය යටතේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජය සලකා බලමින් සිටින බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය සඳහන් කළාය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීමට බැඳුම්කර නඩුව සම්බන්ධයෙත් යම් යම් පැහැදිලි කිරිමේ සටහත් නීතිපතිවරයා ඊයේ (04) සිංගප්පූරු නීතිපතිවරයාට යොමු කළ බව සඳහන් පළ ඇය අර්ජුන් මහෙන්ද්‍රන් මහතා සිංගප්පූරු රජයේ තීරණය මෙතෙක් දැනුම් දී නොමැති බව ද සඳහන් කළාය. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා,
https://googleads.g.doubleclick.net/pagead/ads?guci=2.2.0.0.2.2.0.0&client=ca-pub-8745206999779620&output=html&h=250&slotname=8167086286&adk=2387449614&adf=3052022553&pi=t.ma~as.8167086286&w=300&lmt=1607153404&psa=1&format=300×250&url=https%3A%2F%2Fwww.gossiplankanews.com%2F2020%2F12%2Farjun-mahendran-singapore.html&flash=0&wgl=1&adsid=ChEIgPys_gUQn5mtztqw4pP_ARJIABerbi0n-RcXOer0kWIzZYd6ef-p5_DqCkiSOufuT3sqU1XSemmMb1I6yuQw0enjlWySxO_tfydONJ8TixnKyncOANkhQGfS&uach=WyJXaW5kb3dzIiwiNi4xIiwieDg2IiwiIiwiODcuMC40MjgwLjg4IixbXV0.&tt_state=W3siaXNzdWVyT3JpZ2luIjoiaHR0cHM6Ly9hZHNlcnZpY2UuZ29vZ2xlLmNvbSIsInN0YXRlIjowfSx7Imlzc3Vlck9yaWdpbiI6Imh0dHBzOi8vYXR0ZXN0YXRpb24uYW5kcm9pZC5jb20iLCJzdGF0ZSI6MH1d&dt=1607156417491&bpp=67&bdt=1127&idt=67&shv=r20201201&cbv=r20190131&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D9b1155a6a30d50d2-229b28daf5c400eb%3AT%3D1606747562%3ART%3D1606747562%3AS%3DALNI_MbUT9a90OgXMCD29Yb89n-JBGdmXw&prev_fmts=728×90&correlator=1881844482245&frm=20&pv=1&ga_vid=273356918.1606747558&ga_sid=1607156417&ga_hid=1519722302&ga_fc=0&u_tz=330&u_his=7&u_java=0&u_h=768&u_w=1366&u_ah=728&u_aw=1366&u_cd=24&u_nplug=3&u_nmime=4&adx=578&ady=1069&biw=1349&bih=600&scr_x=0&scr_y=0&eid=21068084%2C21066705&oid=3&psts=AGkb-H8Mxo0cIgF31d_81tpsMpcTroILVfuVFg6mhawCpY_AW9-8tspN1kcl88xkPjTh&pvsid=781634366463854&pem=733&ref=https%3A%2F%2Fwww.gossiplankanews.com%2F&rx=0&eae=0&fc=640&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C1366%2C728%2C1366%2C600&vis=1&rsz=%7C%7CleEbr%7C&abl=CS&pfx=0&fu=8192&bc=31&jar=2020-12-05-08&ifi=2&uci=a!2&btvi=1&fsb=1&xpc=LXFG5uU0df&p=https%3A//www.gossiplankanews.com&dtd=87සිංගප්පූරු නීතිපතිවරයාට පැහැදිලි කිරීමක් කළ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණ අමාත්‍යාංශයේ
ලේකම්වරයාට ඊයේ (04) දැනුම් දී ඇතැයි ද වාර්තා වේ,
අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරන්නැයි ඉල්ලමින් උදර්පණ නීතිය යටතේ පිටු 21,000 කින් පමණ සමන්විත ගොනු ඇතුළත්
නීතිමය ලේඛන අඩංගු ගොනු නීතිපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් සිංගප්පුරුවේ ඇති ශ්‍රී ලංකා මහා කොමසාරිස් පායාලයට යවන ලදුව එහි නිලධාරින් විසින් මීට වසරකට පමණ පෙර සිංගප්පූරු රජයට බාර
දෙන ලදී. ඒ අනුව මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීමට උදර්පණ නීතිය යටතේ ශ්‍රී
ලංකාවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රමුඛස්ථානයක් දී කටයුතු කරන බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි මීට වසරකට පමණ පෙරදී නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය සඳහන් කළාය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ දී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන  අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්
මහතා වහාම අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කොට තිබූ අතර එම වරෙන්තුව අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පුරු රජයෙන් ඉල්ලීමක් කිරීමට ලංකාණ්ඩුවට අවකාශ ලැබී තිබිණි. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරිමේ දී රජයට පාඩු සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එක්කළ ජනාධිපති පරික්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන්
මහතා විදේශ ගතවූ අතර ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් නොලැබිණි.
ඉත් වසර කිහිපයකට පසු නීතිපතිවරයා විසින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.
එලෙස වරෙන්තු නිකුත් කිරීමත් සමග අධිකරණය මගහැර විදේශගතව සැගවී සිටින විත්තිකරුවකු සිය රටට පිටුවහල් කරවා ගැනීමට උදපණ නීතිය යටතේ අවශ්‍ය මූලික කරුණක් සමපුර්ණ වීමෙන් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීමට සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කිරිමට අවශ්‍ය ලේඛන ආදිය නීතිපතිවරයා විසින් සකස් කරන ලදි. මෙම
ඒ සඳහා පිටු 21,000 කින් යුත් ලේඛණ අඩංගු ගොනු සකස් කළ නීතිපතිවරයා සිංගප්පූරු රජය
වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතිමය ලේඛන අඩගු නීතිපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්‍ෂක අමාත්‍යාංශයට බාරදෙන ලදී.
එලෙස බාරදුන් ගොනු විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පූරු රජයට ඉදිරිපත් කොට මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරුවකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල්කොට එවන ලෙස උදර්පණ නීතිය යටතේ මීට පෙර අවස්ථාවක සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කොට තිබිණි.

මනෝප්‍රිය ගුණස්කර

gossiplankanews

Related posts

මාලිමා ආණ්ඩුවත් IMF සමග ඉදිරියට පමණයි.. වෙන විසදුමක් නෑ..- අනුර

Shiran Viraj

ගෝල්ෆේස් විරෝධතාවට මා ගියොත් එලවා දමාවි..- හර්ෂ

Shiran Viraj

විදුලි කප්පාදුව හොදටම අඩු කරයි…

Shiran Viraj

Leave a Comment