News Political

ඇමති සබ්රිට විපක්‍ෂයට එක්වන ලෙස ආරාධනා..

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට විපක්ෂයට එක්වන ලෙස ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීමට විරුද්ධව තමන් සමග එක්වන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

අද ලෝකයේ රටවල් 184 ම කොරෝනා මෘත දේහයන් භූමදානය කරද්දි ශ්‍රී ලංකාවේ පමණක් ආදාහනය කරන්නේ මුස්ලිම් ජාතිකයන් සමග ඇති වෛරයක් හේතුවෙන් යයිද ඔහු සඳහන් කළේ ය.

එනිසා තම ජාතිකයන්ට සාධාරණයක් ඉටු කර දීමට අධිකරණ අමාත්‍යවරයාට නොහැකි නම් විපක්ෂය සමග එක්වන්නැයි ආරාධනා කරන බව ද ඔහු කියා සිටියේය.

කොරෝනා මෘත දේහයන් ආදාහනයට විරුද්ධව කොළඹදී පැවති විරෝධතාවයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

lankacnews

Related posts

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

Shiran Viraj

කොරියන් ගිය ශ්‍රී ලාංකික තරුණයා යැවූ බව කියන අහස් කූරක් නිසා ඉන්ධන ලීටර් මිලියන තුනක් විනාශ වෙයි..! තරුණයා සැකපිට අත්අඩංගුවට

Shiran Viraj

කොරෝනාවට ‘සුවධරණි’ බොන්න.. කලින් රැල්ලෙත් දුන්නා..- සිසිර ජයකොඩි

Shiran Viraj