Local News News

පන්සලට දානය රැගෙන ගිය පුද්ගලයෙකුට කොරෝනා..විහාරාධිපති හිමි සියල්ල හෙළිකරයි.

කැලණිය, සපුගස්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානයකට දානය පිරිනැමූ පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව මාකොළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. පෙරේරා මහතා පැවසුවා.

අදාළ පුද්ගලයා ‍දෙවැනිවරටත් PCR පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ස්වං නිරෝධායනයට යොමුකර සිටි අයෙක් බවයි පැවසෙන්නේ.

“ඉකුත් මාසේ 28 වැනිදා PCR පරීක්ෂණයට ලක්කරපු පුද්ගලයෙක් නැවත PCR පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍යතාව තිබියදී ඉකුත් 29 වැනිදා පෝය දිනයේදී අදාළ විහාරස්ථානයට දානය රැගෙන ගොස් තිබුණා. මෙම දානය පිළියෙල කරලා තියෙන්නේ එම නිවසේදී. එදින පිරිසක් ආගමික වතාවත්වලට සම්බන්ධවෙලා ඉඳලා තියෙනවා. විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් ඒ සියලු දෙනාගේ විස්තර අපිට දැනුම්දුන්නා. ඔවුන් සියලුදෙනා අද සිට ස්වං නිරෝධායන කටයුතුවලට යොමු කරලා තියෙනවා. එම පිරිසගේ PCR පරීක්ෂණ තවත් දින කිහිපයකින් සිදුකිරීමට නියමිතයි,” යනුවෙන් ද මාකොළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

gagana news

Related posts

ජොන්ස්ටන් අතුරුදහන්.. පොලිස් බලඇණි දෙකක් ඔහු සොයා රට පීරයි…

Shiran Viraj

නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටලු රැසක්

Shiran Viraj

ජනාධිපති අගමැති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා.. එනිසා නිදහස් උත්සවයට ගියේ නෑ..

Shiran Viraj

Leave a Comment