News Political

ආධාරකරුවන්ට උඩගෙඩිදී වොෂිංටනයේ ගිණි ඇවිලූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාජ මාධ්‍ය තහනමක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටිවිටර් සහ ෆේස්බුක් ගිණුම් අත්හිටුවා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ වොෂින්ටන් නුවර ප්‍රහාර එල්ල කළ ඔහුගේ ආධාරකරුවන්ට ට්විටර් පණිවිඩ නිකුත් කිරීමෙන් අනතුරුව එම ගිණුම් අත්හිටුවා ඇති බවයි.

වොෂින්ටන් නගරයේ කලබල ඇති කළ සිය ආධාරකරුවන් සම්බන්ධයෙන් ඔහු පළ කළ ටිවිටර් පණිවිඩයක දැක්වූයේ i love you යනුවෙනි. ඊට අමතරව ජනාධිපතිවරණයේ දී වංචා සිදු වූ බවට සාවද්‍ය ප්‍රකාශ නිකුත් කර තිබිණි.

ටිවිටර් සමාගම පැවසුවේ සිය සමාගමේ ප්‍රතිපත්ති බරපතළ ලෙස උල්ලංඝනය කළ පණිවුඩ තුනක් ඉවත් කිරීමට සිදු වූ බවය. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් ගිණුමද පැය 24ක කාලයක් අත්හිටුවා තිබේ.

noizetv

Related posts

ජනපතිගේ රැකියා ලක්‍ෂයට තරුණ තරුණියන් පොරකති..

Shiran Viraj

නව පරපුර ගනුදෙනු කරන විදිය

Shiran Viraj

සන්නස්ගලගෙන් විරෝධතාකරුවන් පුහුණුකරන මධ්‍යස්ථානයක්.. වීඩියෝවක් එලියට

Shiran Viraj