International News News

ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් ගිණුමත් සතියකට අත්හිටුවයි

යූ ටියුබ් සමාගම විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් චැනලය අවහිර කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින 7 ක කාලය තුළ දී වත්මන් අමෙරිකානු ජනාධිපතිවරයාට සිය යූ ටියුබ් චැනලය හරහා කිසිදු වීඩියෝ පටයක් හෝ සජීවී විකාශයක් ප‍්‍රචාරය කල නොහැකි වනු ඇති.

එම තහනම තවදුරටත් දීර්ඝ කෙරෙනු ඇති බවටද වාර්තා පළ වනවා. ජනාධිපති ට‍්‍රම්ප්ගේ ෆේස්බුක් ගිණුම ද මේ වනවිට අත්හිටුවා ඇති අතර නිල ට්විටර් ගිණුම ස්ථිරවම තහනම් කර අවසන්. ජනාධිපති ට‍්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම් මෙලෙස තහනම් කිරීමට හේතුවූයේ ඉකුත්දා අමෙරිකාවේ පැවැති මහජන විරෝධතා හා ඒ සදහා පාක්ෂිකයින් පොලඹවන බවට ජනාධිපතිවරයාට එල්ල වූ චෝදනායි.

මේ අතර ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සදහා අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. එම යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය හා ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතයි. 

Related posts

වගා පෙරළියකට ජනපති සූදානම් වෙයි

Shiran Viraj

දේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති තදින්ම විරුද්දයි…

Shiran Viraj

පිරවුම්හලක හිමිකරු හා සේවකයින් පාරිභෝගිකයෙකුට අමානුෂිකව පහර දී බිම දිගේ ඇදගෙන යයි… හමුදාව නිහඩයි…

Shiran Viraj

Leave a Comment