Local News News

ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මර්දන සදහා හදුන්වා දුන් ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයකයන් 06 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බුලුගහදෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද තහවුරු කරයි.

මන්ත්‍රීවරයාද සඳහන් කර ඇත්තේ එම කොරෝනා ඖෂධය නිවැරැදි මාත්‍රාවට තමන් සහ පවුලේ සියලු දෙනා භාවිතා කළ බවයි.

මේ වන විට ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් දෙසීයක පමණ පිරිසක් නිරෝධායනයට යොමුකර තිබේ.

Related posts

චීන සහායෙන් විශේෂ ව්‍යාපෘති 05ක්.. චීනයේ දුගීකම තුරන්කල වැඩසටහන් ලංකාවට…

Shiran Viraj

ග‍්‍රාම සේවකලා අද සිට වර්ජනයේ.. වැඩි පඩි ඉල්ලයි…

Shiran Viraj

අයවැය හිගය පියවීමට සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීමයි…

Shiran Viraj