Business Business News News

බහුජාතික කෘෂි මාෆියාවට පදවියෙන් මරු පහරක් – සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වෙයි

කාබනික ගොවිතැන පිළිබඳ බොහෝ අවස්ථාවලදී කතාබහට ලක් වුව ද එය ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කළ හැකිද යන්න ඇතැමුන් නගන ප‍්‍රශ්නයක්. එම ප‍්‍රශ්නයට ධනාත්මක පිළිතුරක් ලබා දෙමින් සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැනට යොමුවූ ගම්මානයක් පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

එලෙස සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැනට යොමුවී ඇත්තේ පදවිය සුදර්ශන ගම්මානයේ ජනතාවයි. වකුගඩු රෝගයෙන් බැට කන රජරට ජනතාවට ඉන් මිදීමට ගත යුතු වැදගත්ම කි‍්‍රයාමාර්ගයක් වන්නේද කාබනික ගොවිතැනට යොමුවීමයි. 

 මෙම ආදර්ශවත් ගම්මානය අනුරාධපුර දිස්ති‍්‍රක් ලේකම් ආර් එම්  වන්නිනායකගේ ද නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. 

බොහෝවිට කතාවට පමණක් සීමා වන කාබනික ගොවිතැන මහපොළොවේ යථාර්ථයක් කළ හැකි බවට කි‍්‍රයාවෙන්ම ඔප්පු කර ඇති පදවිය සුදර්ශන ගම්මානයේ ජනතාව රටටම ආදර්ශයක්.

Related posts

යලිත් ඉන්ධන හිගයක්.. දීර්ඝ පෝලිම් රට පුරා..

Shiran Viraj

කොවිඩ් වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නංවාලීමට HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි

Shiran Viraj

බෝම්බ පිපිරීම් අස්සේ ශ්‍රී ලන්කන් මුල් පුටුවට ජාත්‍යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලා

Shiran Viraj