Local News News

යුද ස්මාරකයක් හේතුවෙන් යාපනයේ නොසන්සුන්තාවක්

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ රාතී‍්‍රයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමට විශ්ව විද්‍යාල පරිශ‍්‍රය තුළ ස්ථාපිත කර තිබූ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය බැකෝ යන්ත‍්‍රයක් යොදා ඉවත් කිරීමේ සිදුවීමක් මුල් කර ගනිමින් එම නොසන්සුන්තාව හට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.

යාපනය විශ්ව විද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් හා යාපනය ප්‍රදේශවාසීන් අදාළ සැමරුම් ස්මාරකය ඉවත් කිරීමට විරුද්ධවීමත් සමඟ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය හා විශ්ව විද්‍යාල සිසුන් අතර නොසන්සුන්තාවයක් හටගත් අතර, එය පාලනයට පොලිස් නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් ඇතුළු ආරක්ෂක අංශ කැඳවා තිබු බවයි අප වාර්තාකරු පැවසුවේ.

අදාළ ස්ථානයට එක්වු යාපනය විශ්ව විද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් හා යාපනය ප්‍රදේශවාසීන් ඉල්ලීම් කරනු ලැබුවේ සැමරුම් ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල උප කුලපතිවරයා සමඟ සාකච්ජාවක් පැවැත්විය යුතු බවයි.

යුද්ධය නිමාවි දස වසරක් ගතවීම නිමිත්තෙන් විශ්ව විද්‍යාල සිසුන් විසින් විශ්ව විද්‍යාල භූමිය තුළ අදාළ සැමරුම් ස්මාරකය ඉදිකොට තිබිණ.

සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

දඹුල්ලේ සියළු පාසැල් වසා දැමේ..

Shiran Viraj

ප‍්‍රබල නවසීලන්තයට ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයක්..

Shiran Viraj

ඇදිරි නීතිය නොතැකේ.. රාත‍්‍රියේ කොළඹ මහ පිරිසක් විරෝධතා..

Shiran Viraj

Leave a Comment