News Sports Sports News

ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද : ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනකු කමිටුවේ සාමාජිකත්වයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින්  අද දින පත්කර තිබෙනවා.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රීඩකයෙකු වන අරවින්ද ද සිල්වා පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර පත්කර ඇත.

එම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ ක්‍රීඩා අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබා දීමයි.

එමෙන්ම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීම හා පුහුණු කිරීම අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුව හරහා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන කටයුත්තක් බවයි ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක තාක්ෂණික උපදේශක කමිටුව වෙතද මෙම කමිටු සාමාජිකයින්ගේ නම් යොදා ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් යෝජනා කර තිබෙනවා.

Related posts

පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අහෝසි කල යුතුයි..- අගරදගුරු

Shiran Viraj

ගංගා 09ක් ගංවතුර මට්ටමේ…

Shiran Viraj

අරගලයේ ජනපති, අරගලයේ ගී රැජින ලගටම ගොස් ජනාධිපති සම්මාන පුදයි..

Shiran Viraj