Local News News

රටම සංචරණ සීමා පනවා තිබියදී කොටසක් ලොක්ඩවුන් කරයි…

ලිදුල සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාල යටතේ පාලනය වන ආගරපතන ඩයගම සන්දිරිගම ග්‍රාමසේවා වසමේ තේ කර්මාන්ත ශාලාවට යාබදව පිහිටි සන්දිරිමලේ කොටස සහ ඩයගම රජයේ සත්ව ගොවිපොල (24) දින සිට හුදකලා කල බව ලිදුලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

ඩයගම රජයේ සත්ව ගොවිපලේ සේවකයින් 43 දෙනෙකු අසාදිතයන් බවට හදුනාගත් බවත්, එම අසාදිතයන් 43 දෙනා අතර, අසාදිතයන් සිව් දෙනෙකු ඩයගම රජයේ සත්ව ගොවිපලට යාබදව පිහිටි සන්දිරිගම වතු යායේ පදිංචිකරුවන් බවත්,අසාදිතයන් සිව් දෙනා ඩයගම රජයේ සත්ව ගොවිපලේ සේවය කරන අය බවට තහවුරු වි ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

ඩයගම රජයේ සත්ව ගොවිපලේ ගවයන් 700 දෙනෙකු පමණ ඇති කරන අතර,එම  සතුන්ගේ දෛනික කටයුතු සදහා බාධාවක් නොවන සේ එම ගොවිපොල හුදකලා කරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

ඩයගම රජයේ සත්ව ගොවිපොල හුදකලා කිරිම සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා , ප්‍රාදේශිය වසංගත රෝග වෛද්‍යයවරයා සහ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් (23) දින එම ගොවිපලට ගොස් ගොවිපලේ පාලන අධිකාරිය සමග සාකච්ඡා කර ගොවිපල සහ ඊට යාබදව පිහිට සන්දිරිගම වතු යාය හුදකලා කිරිමට තිරණය කර ඇත.

හුදකලා කර ඇති ඩයගම රජයේ සත්ව ගොවිපලේ දෛනික කටයුතු රජයේ වෙනත් සත්ව ගොවිපොලවල් වල සේවකයින්ගේ සහයෝගය ලබාගෙන සිදු කරගෙන යාමට ඩයගම රජයේ සත්ව ගොවිපලේ පාලන අධිකාරිය කටයුතු කර ඇත.

Related posts

ගෑස් පෝලිමේ උණුසුම් තත්වයක්… පාලනයට යුද හමුදාව කැදවයි..

Shiran Viraj

කොරෝනා වසංගතය ඇමෙරිකානු බුද්ධි අංශ 2008 දීම දැන සිටියා- සාක්ෂි සහිතයි..

Shiran Viraj

අටලුගම වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පිරිසක් පහර දෙයි

Shiran Viraj

Leave a Comment